කොවිඩ් පාලනය උදෙසා චීනයේ වෑයම සාර්ථකයි
2022-12-26 09:56:22
Share with:

ආර්ථික සංවර්ධනය උදෙසා ජාත්‍යන්තර වෑයමට චීනය මනා තල්ලුවක් දෙමින් වසංගත පාලනයේ නව අදියරකට පැමිණ තිබෙන බව වෙළඳ දැන්වීම් නිර්මාණ ශිල්පී සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ශෙනාල් ගුණසේකර මහතා පවසයි. වසර 3ක ගෝලීය වසංගත තත්ත්වයෙන් මිදීමට චීන රජය සාර්ථක කොවිඩ් පාලන පියවර ගෙන තිබේ. නව වෛරස් ප්‍රභේදයේ සංකූලතා අවම බැවින් දැඩි කොවිඩ් පාලන ප්‍රතිපත්ති අලුත් කරමින් නිවෙස් තුළම රෝගීන්ට නිරෝධායන කටයුතු සඳහා ඉඩ ලබා දීමත්, සෙසු ජනතාවට සෘණාත්මක පරීක්ෂණ ප්‍රතිඵල නොමැති නම් පොදු ස්ථානවලට ඇතුල් වීමට සහ සංචාර සඳහා අවසර ලබා දීමටත් මේ වන විට බෙයිජිං පරිපාලනය කටයුතු කර ඇති බවක් පෙනෙන්නට ඇත. සංචාරක වේදිකාවන්හි ගුවන් ටිකට් පත් ලබා ගැනීමට ඇති හැකියාව පුළුල් වීමත් සමග මේ වන විට කිහිප ගුණයක වර්ධනයක් එහි දක්නට ලැබෙන බවත් වාර්තා වේ.

චීන ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට  චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද කොවිඩ් මර්ධන ප්‍රතිපත්තීන්හි සාර්ථක ප්‍රතිඵල බලපා ඇති බවද ඔහු ඔහු පැවසීය.

මේ සියළු තත්ත්වයන් මධ්‍යයේ ගෝලීය ආරක්ෂාව තහවුරු කිරීමට චීනය දක්වන සහයෝගය මෙන්ම ගෝලීය ආර්ථික පුනරුදයට චීනයේ දායකත්වය ඉතාම ඉහළ තලයක පැවතීම අගය කළ යුතු බවද ශෙනාල් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම