වනජීවි හා වන සම්පත් වාර්තාගත ආදායමක් උපයයි
2022-12-26 15:27:19
Share with:

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මේ වසර තුළ වාර්තාගත ආදායමක් උපයා තිබේ.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ පිළිබඳ ව අනාවරණය වී ඇත.

ඒ අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වසරේ රුපියල් මිලියන 1,291ක් උපයා ඇති අතර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව උපයා ඇති ආදායම රුපියල් මිලියන 414කි.

එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 672ක් ද  රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 4,316ක් ද වශයෙන් ආදායම් උපයා ඇති බව වාර්තා වේ.










ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම