අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට
2022-12-26 15:31:32
Share with:

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මාතලේ, මහනුවර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පවුල් 346කට අයත් පුද්ගලයින් 1,511 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

ඊයේ (25) දිනය තුළ ඇතිවූ අධික වර්ෂාවත් සමග පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 66කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමග සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමඟින් සිදුවූ බලපෑම අඩුවනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම