චීන කපු නිෂ්පාදනය ඉහළට
2022-12-26 16:05:00
Share with:

චීන කපු නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි චීන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

චීන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(26) නිකුත් කළ දත්ත වලට අනුව, මේ වසරේ චීනයේ කපු වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 3කි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.9කින් අඩු වීමක් පෙන්නුම් කරයි. හෙක්ටයාර් එකක කපු අස්වැන්න කිලෝ ග්‍රෑම් 1992.2 ක් වන අතර, එය පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 5.3කින් වැඩි වී තිබේ. 

සමස්ත චීනයේ කපු නිෂ්පාදන ප්‍රමාණය ටොන් මිලියන 5.98ක් වූ අතර එය පසුගිය වසරට වඩා ටොන් ලක්ෂ 2.46ක වැඩි වීමකි. එහි වර්ධන අනුපාතය සියයට 4.3කි.

ඒ තුළ ෂීන්ජ්‍යන් උයිගුර් ස්වායත්තයේ කපු නිෂ්පාදන ප්‍රමාණය ටොන් මිලියන 5.391කි. එය පසුගිය වසරට සාපේක්ෂව ටොන් ලක්ෂ 2.62ක් ඉහළ නංවා ඇති අතර සියයට 5.1කින් එම අගය වැඩී වී ඇත. එය සමස්ත චීනයේ නිෂ්පාදන ප්‍රමාණයෙන් සියයට 90.2ක් අත්පත් කරගෙන තිබේ.  එය පසු ගිය වසර හා සැසැඳීමේදී  සියයට 0.7න් වැඩිවීමකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම