ජාතික සුරක්ෂිත දිනයේ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් වූවන් සැමරේ
2022-12-26 15:28:59
Share with:

සුනාමි ව්‍යසනයට මුහුණ පා අද‌(26) වසර 18ක් සපිරේ. ඒ නිමිත්තෙන් මෙවර 'ජාතික සුරක්ෂිත දිනය' දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරිණ. ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල 'පැරෑලිය සුනාමි ස්මාරකය' අබියසදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජා සහභාගිත්වයෙන් පැවැත්විණ.

2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ගොදුරු වූ අතර මියගිය සංඛ්‍යාව 35,000ක් පමණ වේ. එම නිසා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වැනි දින 'ජාතික සුරක්ෂිත දිනය' ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ගොදුරු වීමෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද(26 )දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්විණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම