2022 වසරේ ජාත්‍යන්තර තත්ත්වය හා චීන රාජ්‍යතන්ත්‍රය පිළිබඳ වැඩමුළුව පැවැත්වේ
2022-12-26 15:25:28
Share with:

2022 වසරේ ජාත්‍යන්තර තත්ත්වය හා චීන රාජ්‍යතන්ත්‍රය පිළිබඳ වැඩමුළුවට චීන විදේශ ඇමතිවරයා එක් වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, රාජ්‍ය මණ්ඩල සාමාජික විදේශ ඇමති වං යී මහතා මාර්ගගතව ඊයේ(25) එම වැඩමුළුවට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

2022 වසරේ රාජ්‍ය නායකයන්ගේ මෙහෙයවීම යටතේ, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැඟීම ප්‍රවර්ධනය කිරීමට චීනය පෙරමුණ ගෙන ඇත. එම මාර්ගයේ චීන ලක්ෂණ සහිත ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ලෝක සාමය රැක ගැනීම හා පොදු වර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනය නව දායකත්වය ලබා දී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයෙන් නියම කෙරුණු ක්‍රියාමාර්ග පූර්ණව අනුගමනය කරමින් 2023 වසරේ චීන විශේෂත්වයන්ගෙන් යුතු දැවැන්ත රටක රාජ්‍යතන්ත්‍රයේ නව ආකෘතිය නිර්මාණය කරනු ඇති බව වං යී මහතා එහිදී අවධාරණය කළේය.

2022 වසරේ ජාත්‍යන්තර තත්ත්වය හා චීන රාජ්‍යතන්ත්‍රය පිළිබඳ වැඩමුළුව, චීන ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය හා චීන ජාත්‍යන්තර අධ්‍යයන අරමුදල විසින් සංවිධාන කරන ලදී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම