2022 වසරේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථකයි
2022-12-26 19:32:16
Share with:

මෙම වසරේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ සහයෝගතාවයේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

 චීන ව්‍යාපාර විසින් ඉදිකිරීම් භාර ගනු ලැබූ නයිජිරියාවේ Lagos සැහැල්ලු දුම්රිය නිල් මාර්ගයේ පළමු අදියරේ ව්‍යාපෘතිය අවසන් විය. එය බටහිර අප්‍රිකාවේ පළමු විද්‍යුත් සැහැල්ලු දුම්රිය මාර්ගය වන අතර චීනය මේ පිළිබඳව අගය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මාධ්‍ය වේදියෙකු අද(26) පැවති මාධ්‍ය හමුවකදී මාඕ නිං මහත්මියගෙන් විමසුවේය.

නයිජිරියාවේ Lagos සැහැල්ලු දුම්රිය නිල් මාර්ගයේ පළමු අදියරේ ව්‍යාපෘතිය එම ප්‍රදේශයේ ගමනාගමන තදබදය බොහෝ දුරට ලිහිල් කර ජනතාවගේ ගමන්බිමන් පහසු කිරීමට උපකාර වන අතර ආර්ථික සංවර්ධනයටත් ඉවහල් වන බව මාඕ නිං මහත්මිය පැවසුවාය.

මෙම වසරේ චීනය සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමට තවත් රටවල් 5ක් ඉදිරිපත් ව සිටියි. එම මුල් මාස 11ක් තුළ චීනය හා ‘එක් තීරයක් එක් මාවතක් සහයෝගතා හවුල්කරුවන්’ සමග සිදුකෙරුණු වෙළඳාම, පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 20.4කින් වැඩිවීම, අභියෝගාත්මක ප්‍රතිඵලයකි. අනතුරුව ආසියාන් රටවල ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය අත්හදා බැලීමක් වශයෙන් ධාවනයට ලක් ක‍ර තිබිණ. අලුතෙන් විවෘත කෙරුණු කාම්බෝජයේ පළමු අධිවේගී මාර්ගය හා ක්‍රෙ‍ායේෂියාවේ Peljesac දැවැන්ත පාලම ද එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ අවසන් කෙරුණු වැදගත් ව්‍යාපෘතීන් වේ. එම වැඩපිළිවෙළ ඉහල ගුණාත්මකභාවයෙන් යුක්තව පොදුවේ සංවර්ධනය කිරීමේදී විවිධ රටවලට නව සංවර්ධන අවස්ථා ගෙන දී තිබේ. එය අදාල රටවල ජනතාවගේ අවංක පිළිගැනීමට ලක්වූ බව ද මාඕ නිං මහත්මිය කියා සිටියි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම