ජනතාවගේ ජීවන සුරක්ෂිතභාවය හා සෞඛ්‍ය සම්පන්න බව ස්ථිර ලෙස සහතික කළ යුතු බවට චීන ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙයි
2022-12-26 20:06:10
Share with:

ජනතාවගේ ජීවන සුරක්ෂිතභාවය හා සෞඛ්‍ය සම්පන්න බව ස්ථිර ලෙස සහතික කළ යුතු බවට චීන ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙයි. 

දේශහිතෛශී සෞඛ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේ 70 වන සංවත්සරය නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් උපදෙස් නිකුත් කර ඇත. ගත වූ වසර 70ක් තුළ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යට‍තේ, ජනතාවගේ ශරීර සෞඛ්‍යය කේන්ද්‍රීය කරගත් දේශහිතෛශී සෞඛ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කොට තිබේ. නගර හා ග්‍රාමීය ප්‍රදේශ වල පරිසරය හා සනීපාරක්ෂක සේවාව යහපත් කිරීම ,දරුණු වසංගත රෝග ව්‍යාප්තියට මුහුණ දීම ,සමාජීය සෞඛ්‍ය පරිපාලන මට්ටම ඉහළ නංවා ගැනීම යන ක්ෂේත්‍ර වල වැදගත් කාර්යභාරයන් ඉටු කළ බව හෙතෙම ප්‍රකාශ කළේය.  

වර්තමානයේ COVID 19 වසංගතය හමුවේ චීනයේ දේශහිතෛශී සෞඛ්‍ය මෙහෙයුම බලගැන්වීමට නව ක්‍රියාන්විතයන් හා වගකීම් භාර ගෙන තිබේ. එහි සංවිධානාත්මක සාර්ථකත්වය සහ ජනතාව ඒකරාශිවීමේ  හැකියාව පූර්ණ ලෙස විදහා පාමින් සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය කුසලතා ඇසුරින් යහපත් පුද්ගලික සනීපාරක්ෂක පුරුදු වර්ධනය කිරීම සඳහා මහජනතාවට ක්‍රියාශීලීව උපදෙස් ලබා දිය යුතු ය. එමගින් ශිෂ්ඨ සම්පන්න සහ යහපත් සෞඛ්‍යයෙන් යුත් ජීවන රටාවක් පවත්වා ගැනීමෙන් වසංගත වැළැක්වීම සහ පාලනය සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ තීරයක් ගොඩනගා, ජනතාවගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සැබවින්ම ආරක්ෂා කළ යුතු බවද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම