චීනය සමාජවාදී සංස්කෘතික බල‍වතෙකු බවට පත් කිරීම වෙනුවෙන් වඩාත් ඉහළ කාර්යභාරයක් ඉටු කරන ලෙස චීන ජනාධිපතිවරයා ගෙන් චීන කලාකරුවන්ට ඉල්ලීමක්
2022-12-25 18:28:09
Share with:

මහජනතාව කේන්ද්‍ර කර ගනිමින් නව යුගයේ රිද්මයට අනුව රංගන නිර්මාණවල නිරත වෙන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන පෙරදිග රංගන සමූහයේ කලාකරුවන් දිරිගන්වයි.

පසුගිය දා චීන පෙරදිග රංගන සමූහයේ කලාකරුවන් 10 දෙනෙකු චීන ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සිය කලා කටයුතු හා වෘත්තීය කාර්යයන් පිළිබඳ අභිලාෂයන් පහදා දී ඇත.ඊට ප්‍රතිචාර වශයෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා ඊයේ (24) එම කලාකරුවන්ට පිළිතුරු ලිපියක් යොමු කළේ ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණයට අනුකූලව චීනය සමාජවාදී සංස්කෘතික බල‍වතෙකු බවට පත් කිරීම වෙනුවෙන් වඩාත් ඉහළ කාර්යභාරයක් ඉටු කරන ලෙස හෙතෙම එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ. 1952 වසරේ ස්ථාපිත වූ චීන මධ්‍යම නැටුම් ගැයුම් කණ්ඩායම සහ 1962 වසරේ ස්ථාපිත වූ පෙරදිග නැටුම් ගැයුම් කණ්ඩායම එකතු වී චීන පෙරදිග රංගන සමූහය  2005 වසරේදී ස්ථාපිත කෙරිණ. චීන මධ්‍යම නැටුම් ගැයුම් කණ්ඩායම පිහිටුවීමේ 70වැනි සංවත්සරය හා පෙරදිග නැටුම් ගැයුම් කණ්ඩායම පිහිටුවීමේ 60වැනි සංවත්සරය පිළිබද සඳහන් කළ චීන ජනාධිපතිවරයා එහි සියලු කලා ශිල්පීන් වෙත සුබපැතුම්  පිරිනමා ඇත.

            

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම