රජයේ ආදායම ඉහළට
2022-12-25 14:55:58
Share with:

මේ වසරේ පළමු මාස 9 තුලදී රජයේ ආදායම 38% කින් ඉහළ ගොස් තිබේ.

දෙසැම්බර් මාසය වන විට රජයේ ආදායම ශ්‍රී ලංකා රුපියල් බිලියන එක්දහස් හාරසිය පනහක් ලෙස වාර්තා විය. එය 2021 වසරට සාපේක්ෂ ලෙස 37.8% ක වර්ධනයකි .

එය කොවිඩ් වසංගතයට පෙර 2018 සහ 2019 වසරවල පැවති රාජ්‍ය ආදායම ඉක්මවා යාමක් බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. රජයේ වියදමේ ඉහළ යාම  13.2% ක පමණි.

මේ අනුව මූල්‍ය හිඟය 6.3% කින්  පහත වැටී ඇත. බදු සහ බදු නොවන ආදායම් ඉහළ යාම  රජයේ ආදායම් වර්ධනයට බලපා තිබේ.

2023 වසරේදී රාජ්‍ය ආදායම ශ්‍රී ලංකා රුපියල් බිලියන 3400 දක්වා වර්ධනය කර ගැනිම රජයේ ඉලක්කයයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම