හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කාර්මික උද්‍යානයේ ව්‍යාපෘති ගණනාවක ඉදිකිරීම් අවසන් අදියරට
2022-12-25 14:54:50
Share with:

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කාර්මික උද්‍යානයේ ව්‍යාපෘති ගණනාවක ඉදිකිරීම් අවසන් අදියරට පැමිණ තිබේ.කොවිඩ් වසංගතය පැවැති සමයේ යම් මන්දගාමි තත්ත්වයක් පැවතිය ද මෙම ජාත්‍යන්තර කර්මාන්ත උද්‍යානය ලොවපුරා ව්‍යාපෘති 40 කට අධික සංඛ්‍යාවක් සුරක්ෂිත කර ඇත.එහි ක්‍රියාත්මක ෂිංජි ෂෙන්සෙන් සමුහය ආරම්භ කර ඇති ප්ල්ග් ඇන්ඩ් ප්ලේ උද්‍යාන පහසුකම් වසර අවසන් වන විට නිම කිරිමට නියමිතයි.අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ආයෝජනක් සහිත මෙම උද්‍යානයෙහි සැහැල්ලු කර්මාන්ත ශාලා සදහා අවශ්‍ය පහසුකම් සැපයේ.ඉන්සි සමාගමේ ඩොලර් මිලියන 3 ක මෙගා ධාරිතාවකින් යුත් ගබඩාවේ පලමු අදියරයේ ඉදිකිරිම් ලබන පෙබරවාරි මාසය වන විට අවසන් කෙරේ.එහි දෙවන සහ තුන්වන අදියර ද කඩිනමින් අවසන් කිරිම ඉලක්කයයි.

වරාය පරිශ්‍රයේ ලොජිස්ටික් සර්විසස් මගින් මෙට්‍රික් ටොන් හතලිස් පන්දහසක ගබඩා පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ස්ථාපිත කෙරේ.එය පොහොර ගබඩා කිරිම හා දේශිය වශයෙන් ඒවා බෙදා හැරිම සදහා භාවිත කිරිමට නියමිතයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම