දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අනතුරු ඇඟවීම්
2022-12-25 14:53:32
Share with:

පවතින වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ය.

(24) පෙරවරු 7.30 සිට හෙට පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑම් අවදානම නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දීමක් සිදු කරයි.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුල්වී   ශ්‍රී ලංකාව හරහා කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම