මත්ද්‍රව්‍ය රටට ගෙනඒම වැළැක්වීමට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
2022-12-24 15:02:18
Share with:

මත්ද්‍රව්‍ය රටට ගෙනඒම වැළැක්වීම සදහා ත්‍රිවිධ හමුදාව සමග එක්ව රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියයි. අයිස් මත්ද්‍රව්‍ය තහනම් ද්‍රව්‍යයක් බවට පත් කරමින් නීති සම්පාදනය කිරීම, නාවික හමුදාව, රේගුව වැනි ආයතන ශක්තිමත් කරමින් මෙහෙයුම් ආරම්භ කිරීම හා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ චෝදනාවලට ලක්වන පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට වෙනම මහාධිකරණයක් ස්ථාපිත කිරීම රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අතර වෙයි. මත්ද්‍රව්‍ය බහුතරයක් මෙරටට පැමිණෙන්නේ මුහුදු මාර්ගයෙන් බව හදුනාගෙන තිබේ. එය වැළැක්වීමේදී නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය සුවිශේෂි වෙයි. දැනට පොලිස් භාරයට ගෙන ඇති මෙරට විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන කිලෝග්‍රූම් 310 ක තොගය සම්බන්ධයෙන් මේ වනවිට මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති. මෙරට ආරක්ෂක අංශ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට වසර ගණනාවක සිට සමාජය දැනුවත් කළ බව විජේදාස රාජපක්ෂ ඇමතිවරයා සදහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම