අමාත්‍යංශ 8 ක විෂය පථ සංශෝධනය කෙරේ
2022-12-24 15:01:10
Share with:

අමාත්‍යංශ 8 ක විෂය පථ සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර කෙරේ. ජනපතිගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැසට් කර තිබූ බහුකාර්ය සංවර්ධන බලකා දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පවරා ඇත. කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ තිබූ වකුගඩු අරමුදල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කළ බව ගැසට් පත්‍රයේ සඳහන් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවති විදාතා මධ්‍යස්ථාන කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කර තිබෙන අතර වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය යටතේ පැවති දේශීය ගොවි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ පුළුල් කිරීම හා ප්‍රාථමික ආර්ථික මධ්‍යස්ථාන යන විෂයන් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම