චීනය කෘෂිකාර්මික වශයෙන් සවිබල ගැන්විය යුතු බව චීන ජනපති කියයි
2022-12-24 19:20:07
Share with:

            චීනය කෘෂිකාර්මික වශයෙන් සවිබල ගැන්විය යුතු බව අවධාරණය කෙරේ.

            චීන පාලක කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ කෘෂි කාර්ය සමුළුව ඊයේ(23) හා අද(24) යන දෙදින බෙයිජිංහිදී පැවැත්විණ.චීන ජනාධිපති, කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය. ග්‍රාමීය පුනර්ජීවනය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යමින් කෘෂිකාර්මික වශයෙන් රට සවිබල ගැන්වීම, චීනය නවීණ සමාජවාදී බලවතෙක් බවට පත් කිරීමේදී නියම කරන ලද උපාය මාර්ගයක් බව හෙතෙම එහිදී කියා සිටියේ ය. රටක් ප්‍රබල වීමට නම් කෘෂිකාර්මික වශයෙන් ශක්තිමත් විය යුතු ය.ඒ සඳහා ආහාර හා ප්‍රධාන කෘෂි නිෂ්පාදිත සැපයුම් ස්ථාවර හා ආරක්ෂිත මට්ටමේ රඳවා ගත යුතු බවත්, මානව, භෞතික හා මූල්‍ය සම්පත් ග්‍රාමීය පුනර්ජීවනය වෙනුවෙන් වැඩි වශයෙන් යොදා ගත යුතු බවත්, ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය. චීනය ප්‍රබල කෘෂිකාර්මික රටක් වශයෙන් ගොඩ නැගීමේදී විද්‍යා තාක්ෂණ හා ප්‍රතිසංස්කරණ වැදගත් සාධක බව හෙතෙම අවධාරණය කළේ ය.

           චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය 2023 වසරේ ග්‍රාමීය පුනර්ජීවනය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන කටයුතු පිළිබඳ අදහස් මෙවර කෘෂි කාර්ය සමුළුවේ දී අවධානයට ලක්විය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම