තායිවාන ප්‍රශ්නය විසඳීම චීන ජනතාවට පමණක් අයත් කටයුත්තක් වන අතර වගකීම් විරහිත ප්‍රකාශ කිරීමට ඇමරිකාවට අයිතියක් නොමැති බව චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය පවසයි
2022-12-24 19:40:37
Share with:

චීනයට සම්බන්ධ සෘණාත්මක විධිවිධාන විශාල ප්‍රමාණයක් අඩංගු ඇමරිකානු “2023 මූල්‍ය වර්ෂයේ ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත” අද(24) පළ කෙරිණ.

මේ පිළිබඳ චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Tan Kefei මහතා පෙන්වා දුන්නේ, ඇමරිකානු මෙම පනත් කෙටුම්පත චීනයේ ජාතික ස්වෛරීත්වය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතාවලට හානි කරන අතර, එය දෙරට සහ දෙරටේ හමුදා අතර සබඳතාවයට ද හානිකර බවයි.

තායිවාන ප්‍රශ්නය විසඳීම  චීන ජනතාවට පමණක් අයත් කටයුත්තකි. එය චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර වගකීම් විරහිත ප්‍රකාශ කිරීමට ඇමරිකාවට අයිතියක් නොමැති බව Tan Kefei මහතා සඳහන් කළේ ය.

චීනයේ ස්වෛරීභාවයට හානි කිරීම සඳහා තායිවානය සම්බන්ධ පනත් කෙටුම්පත ඇමරිකාව ද්වේශ සහගත ලෙස නිර්මාණය කිරීම, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය බරපතල ලෙස අනතුරේ හෙළීමක් පමණක් වන අතර, චීනය සහ ඇමරිකාව අතර හමුදාමය ගැටුමක අවදානම ඉහල නංවනු ඇති බව ද, Tan Kefei මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම