ආහාර සුරක්ෂිතතාව පිළිබද ඉහළම සැලකිල්ල දක්වන චීන ජනපති
2022-12-24 20:44:11
Share with:

2022 වර්ෂයේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බොහෝ වරක් ගොවි බිමට ගොස් අස්වනු තත්ත්වය , ධාන්‍ය කටයුතු නිරීක්ෂණය  සහ මහ ජනතාවගේ තත්වය පිළිබඳව ඔවුන්ගෙන් විමසීමට පැමිණියේය. හොඳ ධාන්‍ය අස්වැන්න, ග්‍රාමීය කර්මාන්තවල දියුණුව සහ   ගම්වැසියන්ගේ ඉහළ ආදායම ගැන චීන ජනාධිපතිවරයා  සැලකිලිමත් විය.

කෘෂිකාර්මික නවීකරණය කෘෂිකාර්මික විශේෂඥයින් සහ ගොවීන් යන දෙපිරිසම මත රඳා පවතින බව එම නිරීක්ෂණ චාරිකාවලදී හෙතෙම අවධාරණය කළේය. නවීන කෘෂිකාර්මික විද්‍යාව හා තාක්‍ෂණය සහ තාක්ෂණික පුහුණුව ජනප්‍රිය කිරීම මෙන්ම භාවිතය ශක්තිමත් කිරීම, ප්‍රධාන ධාන්‍ය වගාකරුවන් සංවිධාන කිරීම සහ හරිත, පාරිසරික හා කාර්යක්ෂම කෘෂිකර්මාන්තය ක්‍රියාකාරීව සංවර්ධනය කළ යුතු යැයි ෂී ජීන් පිං මහතා අවධාරනය කළේය.

එම නිරීක්ෂණ චාරිකාවලදී හෙතෙම අවධාරණය කළේ චීනයේ බීජ සියතින්ම සුරැකීමෙන් පමණක් චීනයට තම බත්පත සුරක්ෂිත කර ආහාර සුරක්ෂිතතාව ළඟා කර ගත හැකි බවයි.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම