නත්තල හා නව වසර වෙනුවෙන් අමතර ප්‍රවාහන සේවා
2022-12-24 14:59:14
Share with:

නත්තල හා නව වසර වෙනුවෙන් අමතර ප්‍රවාහන සේවා  ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි. ලංගම බස්රථ මගී අවශ්‍යතා අනුව කොළඹ පිටකොටුව ඇතුඵ ප්‍රධාන බස්නැවතුම්පොල සිට ධාවනයට එක් කෙරේ. කොළඹ සිට පිට පළාත්වලට යන මගී ජනතාවගේ පහසුව උදෙසා පිටකොටුව හා මාකුඹුර ප්‍රධාන බස්නැවතුම්පොල සිට අමතර බස්රථ 40 කට අධික සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇතැයි අමාත්‍යංශය කියයි. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පැවසුවේ ඊයේ සිට ධාවනයට එක්කළ අමතර දුම්රිය සේවා ලබන අගහරුවාදා දක්වා ක්‍රියාත්මක බවයි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දෛනිකව ධාවනය කෙරෙන දුම්රියවලට අමතරව ඊයේ පස්වරු 7.30 ට බදුල්ල දක්වා අමතර දුම්රියක් ධාවනයට එක්කර තිබේ

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම