ASEAN-චීන විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය පුළුල් කරන බවට ASEAN මහලේකම්වරයාගෙන් ප්‍රකාශයක්
2022-12-23 10:47:41
Share with:

ASEAN -චීන විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය පුළුල් කරන බව අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ මහලේකම්වරයා පවසයි. චීනය සමඟ පවතින සබඳතාව ASEAN සංවිධානය වඩාත් වැදගත් කොට සලකන බව එහි මහලේකම් Lim Jock Hoi මහතා පැවසීය. ඊයේ (22) ආසියන් සංගමයේ (ASEAN) නව චීන තානාපති Hou Yanqi මහත්මියගේ පත්වීම් ලිපිය පිළි ගැන්වීමේ අවස්ථාවේ දී එතුමා මේ බව ප්‍රකාශ කළේය.  

කලාපීය සාමය, ආරක්ෂාව සහ ආර්ථික සහයෝගීතාව ගොඩනැගීම උදෙසා චීනය ලබා දෙන දායකත්වය ද හෙතෙම අගය කළේය. අනාගතයේ දී චීනය සමඟ වෙළඳ හා ආයෝජන සහයෝගිතා ශක්තිමත් කිරීමේ අපේක්ෂාවක් පවතින බව ද, ASEAN-චීන නිදහස් වෙළඳ කලාපය ගොඩනැඟීම මෙන්ම ද්විපාර්ශ්වික ඩිජිටල්, හරිත, සමාජ හා සංස්කෘතික හුවමාරු අවස්ථා ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ද  Lim Jock Hoi මහතා මෙහි දී අවධාරණය කළේය.

දෙපාර්ශවය අතර පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කරන අතර, වඩා සමීප පොදු ඉරණමක් සහිත චීන-ASEAN ප්‍රජාවක් ගොඩනැඟීමට චීනය කැමැත්තෙන් සිටින බව Hou Yanqi මහත්මිය ද මෙහි දී පෙන්වා දුන්නාය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම