චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකාවේ ආසියානු සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සම සභාපතිවරයා අතර හමුවක්
2022-12-23 10:57:30
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා, ඇමරිකාවේ ආසියානු සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සම සභාපති John Thornton මහතා අතර විශේෂ හමුවක්  පැවැත්වේ.

මෙම හමුව ඊයේ (22) චීනයේ බෙයිජිං අගනවුර දී සිදු විය.

බාලි දූපතේ දී දෙරටේ නායකයින් දෙදෙනා ඇති කර ගත් වැදගත් සම්මුතීන් මනාව ක්‍රියාත්මක කළ යුතු බවත්, චීනයට සහ ඇමරිකාවට එකිනෙකා සමඟ නිවැරදිව සම්බන්ධ විය හැකි මාර්ගයක් ගොඩනඟා ගත යුතු බවත්, Wang Yi මහතා පැවසීය. ඇමරිකාව, චීනය අසාධාරණ ලෙස රඳවා තබා ගැනීම සහ මර්දනය කිරීම අත්හැර, ජනාධිපති Joe Biden මහතාගේ ධනාත්මක ප්‍රකාශ ක්‍රියාවට නංවා, ධනාත්මක හා ප්‍රායෝගික චීන ප්‍රතිපත්තියකට යොමු විය යුතුය. එසේම, දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය වැඩි දියුණු කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා ඇමරිකානු ව්‍යාපාරික, උපායමාර්ගික සහ ශාස්ත්‍රීය කවවලින් වැඩි පිරිසකට චීනයට පැමිණෙන ලෙසත් ,ඔවුන් පැමිණීමට පිළිගන්නා බව ද Wang Yi මහතා ප්‍රකාශ කළේය.

ඇමරිකා - චීන ආර්ථික හා වෙළඳ හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, චීනය පිළිබඳ ඇමරිකානු ජනතාවගේ පුළුල් අවබෝධය වැඩිදියුණු කිරීම සහ ඇමරිකා - චීන සබඳතාවල ස්ථායී වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කාර්යභාරයක් ඉටු කිරීමට තමන් කැමති බව ද John Thornton මහතා එහි දී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම