ටිබෙට් ස්වයාත්තයේ කටයුතුවලට මැදිහත්වීමට ඇමරිකාවට කිසිදු අයිතියක් නැතැයි චීනය අවධාරණය කරයි
2022-12-23 18:25:41
Share with:

              ඇමරිකාවට චීන ටි‌බෙට් ස්වයාත්තයේ කටයුතුවලට මැදිහත් වීමේ කිසිදු අයිතියක් නැතැයි චීනය අවධාරණය කරයි.

              මෑතදී ටිබේටයේ ඊනියා මානව හිමිකම් ප්‍රශ්නය හේතු කරගෙන ඇමරිකාව චීනයේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව සම්බාධක පනවා ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අදහස් දක්වමින් ඊට දැඩි විරෝධය පළ කළා ය. ටිබෙටය චීන දේශභූමියේ කොටසක් බැවින් ටිබෙටයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුතු වශයෙන් සැලකේ. එබැවින් ඇමරිකාවට ටිබේටයේ කටයුතුවලට මැදිහත් වීමේ කිසිදු අයිතියක් නැතැයි මෞ නිං මහත්මිය එහිදී පෙන්වා දුන්නා ය. ඇමරිකාවේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලික පිළිවෙතට පටහැණිය. චීනයට විශේෂයෙන් ටිබෙටයට අදාළ ප්‍රශ්නවලදී දිගුකාලීන ව අයුතු ලෙස කටයුතු කළ  ඇමරිකානු නිලධාරීන් දෙදෙනකුට එරෙහිව අද සිට සම්බාධක පැනවීමට තීරණය කර  ඇතැයි  ද මෞ නිං මහත්මිය ප්‍රකාශ කළා ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම