රුසියානු-යුක්රේන ගැටුම අවසන් කිරීම රුසියාවේ අරමුණ බව ජනපති පුටින් පවසයි
2022-12-23 10:55:15
Share with:

රුසියානු-යුක්රේන ගැටුම අවසන් කිරීම තම රටේ අරමුණ බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි.

හෙතෙම ඊයේ(22) ක්‍රෙම්ලිනයේ දී මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

සියලුම ගැටුම් යම් ආකාරයකට සාකච්ඡා කිරීමෙන් විසඳිය හැකි අතර රුසියාව කිසි විටෙකත් සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නැතැයි හෙතෙම කියා සිටියේය. රුසියාවේ ඉලක්කය රුසියානු-යුක්රේන ගැටුම උග්‍ර කිරීම නොව, එය අවසන් කිරීම බවත්, එම ගැටුම ඉක්මණින් අවසන් කිරීමට රුසියාව කැපවී සිටින බවත් ව්ලැඩිමීර් පුටින් මහතා පැවසීය.

යුක්රේනයේ තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකාව වැඩි වශයෙන් මැදිහත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් පුටින් මහතා කියා සිටියේ, මෙම ප්‍රශ්නය වඩාත් පුළුල්ව හා ගැඹුරින් විමසා බැලිය යුතු බවයි. ඇමරිකාව දිගු කලක් තිස්සේ අදාළ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින්, සෝවියට් දේශයේ හා පශ්චාත් සෝවියට් කලාපයේ කටයුතුවලට මැදිහත් වී සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම