චීන ජනාධිපතිවරයා නව ස්ලෝවේනියානු ජනාධිපතිවරියට සුබ පතයි
2022-12-23 16:28:54
Share with:
චීන ජනාධිපති නව ස්ලෝවේනියානු ජනාධිපතිවරියට සුබපැතුම් පණිවිඩයක් යොමු කරයි
චීන ජනපති ෂී ජින්පිං මහතා අද (22) ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් නටාෂා පිල්ස් මුසාර් වෙත පණිවිඩයක් යොමු කරමින් ඇයට සුබ පැතීය.
චීන ස්ලෝවේනියා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබා දෙන බව චීන ජනාධිපතිවරයා කියා සිටී. දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කර, විවිධ ක්ෂේත්‍රවල හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට ගෙන යාමට ජනාධිපතිනි මුසාර් සමඟ එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.