චීන ජනාධිපතිවරයා හා මැකෞ විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිළධාරිවරයා අතර හමුවක්
2022-12-23 20:26:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(23) සවස මැකෞ විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක He Yicheng මහතා හමු විය.

සිය කාර්යයන් වාර්තා කිරීම සඳහා He Yicheng මහතා බෙයිජිං වෙත පැමිණියේ ය.  

මැකෞ හි වත්මන් තත්ත්වය සහ විශේෂ පරිපාලන කලාප රජයේ කාර්යයන් පිලිබඳ He Yicheng මහතාගේ වාර්තාවට ෂී ජින් පිං මහතා එහිදී සවන් දුන්නේය.

ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, මධ්‍යම රජය ප්‍රධාන විධායක He Yichengගේ සහ විශේෂ පරිපාලන කලාපයේ රජයේ කාර්යයන්  සම්පූර්ණයෙන්ම අගය කරන  බවයි.

මධ්‍යම රජය “එක් රටක් ක්‍රම දෙකක්” යන ප්‍රතිපත්තියේ තිරසරව එල්බ සිටින බවත්, මධ්‍යම රජය මැකෞ විශේෂ පරිපාලන කලාපයට පූර්ණ සහය දක්වමින්, මැකෞ ලක්ෂණ සහිත " එක් රටක් ක්‍රම දෙකක්" භාවිතයේ නව තත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ දරනු ඇති බවත්, ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම