චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර දුරකථන සාකච්ඡාවක්
2022-12-23 16:20:16
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන දෙපාර්තමේන්තුවේ සාමාජික, රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා, අද(23) දින විශේෂ ආරාධනාවකට අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා සමඟ දුරකථන සාකච්ඡාවක නිරත විය.

පසුගිය මාසයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා අතර විශේෂ හමුවීමක් ඉන්දුනීසියාවේ Bali දූපතේ දී සිදු විය. මෙය දෙරට අතර සබඳතා නිරවුල්ව සහ ස්ථාවර මාවතකට නැවත ප්‍රවේශ වීම ප්‍රවර්ධනය කිරීමට උපායමාර්ගික මාර්ගෝපදේශයක් වූ බව වං යී මහතා එහි දී  සඳහන් කළේය.

ඇමරිකාව චීනය සමග සංවාද පවත්වන අතර චීනය මර්දනය කරමින් සිටී. එමෙන් ම ඇමරිකාව චීනය සමග සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කරන අතර චීනයට එරෙහිව කටයුතු කරමින් සිටී. මෙවන් ක්‍රියාකලාපයක් අතීතයේ දී මෙන් ම අනාගතයේ දී ද සාර්ථක විය නොහැකි බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පෙන්වා දුන්නේ ය.

ඇමරිකාව චීනයේ නීත්‍යානුකූල ප්‍රවේශයන් කෙරෙහි ගරු කළ යුතු අතර චීනයේ සංවර්ධන වැඩසටහන් පාලනය කිරීම සහ මර්දනය කිරීම කඩිනමින් නවතා දැමිය යුතු බව ද, වං යී මහතා අවධාරණය කළේය.

ද්විපාර්ශ්වික සබඳතා සඳහා මාර්ගෝපදේශක මූලධර්ම, චීනය සමඟ සාකච්ඡා කිරීමට මෙන්ම, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහයෝගීතාව ක්‍රියාත්මක කිරීමට ද, ඇමරිකාව කැමැත්තෙන් සිටින බව, Antony Blinken මහතා මෙහි දී පැවසීය. ඇමරිකාව “එකම චීනය” යන ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුමත කරන අතර ,තායිවානයේ “ස්වාධීනත්වයට” සහාය නොදක්වන බව ද  ඔහු එහි දී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම