චීන ජනාධිපතිවරයා සහ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිළධාරිවරයා අතර හමුවක්
2022-12-23 19:57:52
Share with:

චීන ජනාධිපතිවරයා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක Lee Ka Chiu මහතා හමුවෙයි. සිය කාර්යයන් වාර්තා කිරීමට බෙයිජිං නුවරට පැමිණි සිටී.

ජනාධිපති ෂී ජින් පිං මහතා අද (23) පස්වරුවේ බෙයිජිං නුවරදී හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක Lee Ka Chiu මහතා හමු වී හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජයේ කාර්යයන් සහ වත්මන් තත්ත්වය පිළිබඳ ඔහුගේ වාර්තාවට ද සවන් දුන්නේය.

Lee Ka Chiu ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් වූ දා සිට හොංකොං "එක් රටක්,ක්‍රම දෙකක්" යන නිවැරදි මාවතේ ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති බව ෂී ජින් පිං මහතා පැවසීය. මධ්‍යම රජය ප්‍රධාන විධායක Lee Ka Chiu සහ විශේෂ පරිපාලන කලාප රජයේ කාර්යයන් ඉහළ ප්‍රසංසාවට  ලක් කරන බවද හෙතෙම කීය.

 චීන ලක්ෂණ සහිත සමාජවාදයේ විශිෂ්ට පුරෝගාමී කාර්යයක් වන "එක් රටක් ක්‍රම දෙකක්", හොංකොං සහ මැකෞ නැවත මව්බිමට පැමිණීමෙන් පසු දිගුකාලීන සමෘද්ධිය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා හොඳම ආයතනික විධිවිධානය බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම