ඇමරිකානු හමුදාවෙන් අන්තර්ජාල මහජන මතයට බලපෑම්
2022-12-23 10:34:57
Share with:

ඇමරිකානු හමුදාව අන්තර්ජාල මහජන මතයට බලපෑම් කිරීමට තැත් කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය සමග පවතින රහස්‍ය සහයෝගතා ඔස්සේ ව්‍යාජ ගිණුම් ක්‍රියාත්මක කරමින් මැදපෙරදිග ඇතුළු ප්‍රදේශ කෙරේ අන්තර්ජාල තොරතුරු සටන් මෙහෙයවන බව ඇමරිකාවේ the intercept  සමීක්ෂණ වෙබ් අඩවිය හෙළි කරයි. රටේ ආධිපත්‍යය සහතික කිරීමේ අරමුණෙන් යුක්තව, ඇමරිකානු හමුදාව අදාළ ප්‍රදේශවල ජනමත මෙහෙයවීම සඳහා ව්‍යාජ තොරතුරු පළ කිරීමෙහි නිරත වූ බව ද ඉන් අනාවරණය කර  ඇත.

පසුගිය අගෝස්තු මාසයේ දී  Stanford  විශ්වවිද්‍යාලය ද ඇමරිකානු රජයේ අදාළ රහස්‍ය ව්‍යාපෘති පිළිබඳව හෙළිදරව් කර තිබිණ. ට්විටර්, ෆෙස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ක්‍රියාත්මක 200කට වැඩි ව්‍යාජ ගිණුම් ඔස්සේ වංචාකාරී උපායයන් මගින් මැදපෙරදිග හා මධ්‍යම ආසියානු ප්‍රදේශයන් හි බටහිර හිතකාමී අදහස් ව්‍යාප්ත කිරීම් සිදු කළ බව එහිදී සොයා ගැනිණ. ඇමරිකාව හා එහි සන්ධාන රටවලට හිතකාමී අදහස් මෙන්ම, රුසියාව හා ඉරානය ඇතුළු රටවලට එරෙහි අදහස් පළකෙරුණු මෙම තොරතුරු සටන අවම වශයෙන් වසර පහක් පැවති බව ද හෙළි විය.

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සමාජ මාධ්‍ය වේදිකා, සිය ‘නව සීතල යුද අවි’ ලෙස යොදාගැනීම ක්‍රමයෙන් වැඩිවන ආකාරය මෙවැනි සාක්ෂි මගින් සනාථ වන බව ඇමරිකානු MONTHLY REVIEW වෙබ් අඩවියේ විචාර ලිපියක සඳහන් වේ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම