ලෝකයටම අද්විතීය ආදර්ශයක් සපයන චීනයේ වසංගත පාලනය
2022-12-23 11:02:40
Share with:

කොවිඩ් වසංගතය ලෝකයේ සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය අංශයන්ට සෘජුවම බලපෑම් කළේය. ඒ හරහා ලෝක ආර්ථිකයට හා නිෂ්පාදනයට ද විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදු විය. නමුත් චීනය ලෝකයටම ආදර්ශයක් සපයමින් මෙම ව්‍යසනයට සාර්ථකව මුහුණ දුන් බව ධිවර අමාත්‍යංශයේ සීනෝර් සංස්ථාවේ සභාපති සහ ශ්‍රී ලංකා වාණිජ සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා පවසයි .

කෙටිකාලයක් තුළ සැලසුමක් සහිතව රෝහල් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට ද චීනය සමත් විය. ලෝක ජනගහනයෙන් අටෙන් එකක් පමණ ජනගහනයකට ඉතා සාර්ථකව, සෞඛ්‍ය සුරක්ෂිත බව සහතික කිරීමට චීන රජය කටයුතු කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ දූරදර්ශී නායකත්වය සහ සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ පරිපාලනමය විධිමත්භාවය තුළ මෙම ඉලක්කයන් සපුරා ගැනීමට හැකි වී ඇත.

වසංගත තත්ත්වය මධ්‍යයේ වුව ද ලෝක ආර්ථිකයට ද සිය දායකත්වය එලෙසින්ම ලබා දෙමින් චීනය කටයුතු කිරීම අතිශය ප්‍රශංසනීය වේ. අභියෝගයක් නිවැරදිව කළමනාකරණය කර ගන්නා ආකාරය මෙම වසංගත තත්ත්වයේ දී චීනය ලොවටම පෙන්නුම් කර ඇත. විද්‍යාත්මක පර්යේෂණනයන් හරහා එන්නත් නිෂ්පාදනය කරමින්, ඒවා ලෝකය සමග බෙදා ගැනීමට ද චීනය කටයුතු කළේය. අභියෝග මධ්‍යයේ චීනය කොවිඩ් වසංගතය පාලනය කර ගත් ආකාරය ලෝකයටම අද්විතීය ආදර්ශයක් සපයන බව ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම