ලබන වසරේ සිට ජනතාවට සහන සලසන බව ජනපති කියයි
2022-12-23 14:26:34
Share with:

ලබන වසරේ සිට ජනතාවට සහන ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උද්ධමනය වැඩිවීමත් සමඟ සිදු වූ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව සිටින අසීරුතාව තමා අමතක කර නොමැති අතර, පියවරෙන් පියවර රටේ ආර්ථික ගැටලු විසඳා ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.

තමා ජනාධිපති ධූරයට පත්වූ දා සිට දේශපාලනයේ නිරත නොවූ බව සඳහන් කළ ජනාධිපතිවරයා තමා කැපවුයේ  ජීවන බරින් පීඩා විඳින ජනතාවට සහනයක් ලබාදෙමින් රටේ වැටුණ ආර්ථිකය  යළි නඟා සිටුවීමට බව ද සඳහන් කළේය.

ආර්ථිකය යළි ගොඩනැංවීමට මෙන්ම ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කර ගැනීමට දේශපාලනයෙන් තොරව එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම