චීන ජනාධිපතිවරයා සහ නවසීලන්ත ආණ්ඩුකාරවරයා සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගනිති
2022-12-22 17:06:16
Share with:

චීනය සහ නවසීලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් අද (22) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ නවසීලන්ත ආණ්ඩුකාර ජනරාල් බොබ් කිල්රෝ මහතා සුබ පැතුම් පණිවුඩ යොමු කළහ.

ඓතිහාසික අත්දැකීම් සම්පිණ්ඩනය කර, උපාය මාර්ගික සන්නිවේදනය ශක්තිමත් කරමින් , චීන- නවසීලන්ත විස්තීරණ උපාය මාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙනයමින් දෙරටට වැඩි ප්‍රතිලාභ ගෙන ඒම සඳහා නවසීලන්ත ආණ්ඩුකාරවරයා සමඟ එක්ව කටයුතු කිරීමට තමා කැමති බව ෂී ජීන් පීං පෙන්වා දුන්නේය.

දෙරටේ සහ ලෝකයේ ප්‍රයෝජනය සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ අපේක්ෂාව ආණ්ඩුකාර බොබ් කිල්රෝ සිය සුබ පැතුමෙන්  ප්‍රකාශ කළේය.

මේ අතර චීන අගමැති Li Keqiang මහතා සහ නවසීලන්ත අගමැතිවරිය ද අද  සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම