චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර රැස්වීමක් අග්‍රාමාත්‍ය ලී ක ජ්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන්
2022-12-22 09:58:17
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර රැස්වීමක් අග්‍රාමාත්‍ය ලී ක ජ්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

රැකියා නියුක්තිය, මිල සහ ආර්ථික වෙළඳපොළ ස්ථාවර කිරීම සම්බන්ධයෙන් මේ වසරේ ලැබූ ජයග්‍රහණ අභියෝගාත්මක වූ බව ලී ක ජ්‍යං මහතා එහි දී පෙන්වා දුන්නේය. වත්මන් ආර්ථික ක්‍රියාකාරිත්වය ප්‍රකෘතිමත් වීමේ සහ ස්ථායීකරණය වීමේ ප්‍රවණතාවක පවතින නමුත්, ආර්ථික පදනම තවමත් ශක්තිමත් නැත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ආර්ථික රැස්වීමේ ජීවගුණය ක්‍රියාත්මක කොට වසංගත පාලනය සහ ආර්ථික හා සමාජ සංවර්ධනය මනා ලෙස සම්බන්ධීකරණය කළ යුතු බව ලී ක ජ්‍යං මහතා අවධාණය කළේය.

ලබන වසරේ ඵලදායී ප්‍රවේශයක් ලබා ගැනීමට ආර්ථික වර්ධනය, රැකියා නියුක්තිය සහ භාණ්ඩ මිල ස්ථාවර කිරීම සඳහා කටයුතු කරමින්, ආර්ථිකය සාධාරණ පරාසයක් තුළ පවත්වා ගනිමින්, වඩාත් උසස් ලෙස ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දැරිය යුතු බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම