යුක්‍රේන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර හමුවක්
2022-12-22 10:03:58
Share with:

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මහතා හා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවක් පවත්වති.

එම හමුව ඊයේ(21) ඇමරිකානු ධවල මන්දිරයේ පැවැත්විණ. රුසියා යුක්‍රේන අර්බුදය සිදුවීමෙන් පසු ජාත්‍යන්තර සන්ධානයේ යුද හා ආර්ථික සහාය අපේක්ෂාවෙන් යුක්‍රේන ජනාධිපතිවරයා රටෙන් බැහැර ව ගිය පළමු අවස්ථාව මෙයය.

ඇමරිකාව යුක්‍රේනයට පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධතිය ඇතුළු ඇ.ඩො. බිලියන 1.8ක වටිනාකමෙන් යුතු අතිරේක හමුදාමය සහනාධාර සපයන බව ඇමරිකානු ජනාධිපතිවරයා, ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. යුක්‍රේනයට ඩොලර් කෝටි 37.4ක හදිසි මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය(USAID) පොරොන්දු වී තිබෙන බව ද ඔහු එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20230922සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම