සිරියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවයට ගරු කරන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2022-12-22 10:08:16
Share with:

සිරියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවයට ගරු කරන ලෙස චීනය ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Gengshuang මහතා ඊයේ(21) ආරක්ෂක මණ්ඩලයේ සිරියාවේ දේශාපලන හා මානව හිතවාදී ප්‍රශ්නය පිළිබඳ විවෘත සමුළුවේදී එම ඉල්ලීම කළේය. මෑතකදී තුර්කිය බොහෝ වතාවක් උතුරු සිරියාවට ගුවන් ප්‍රහාර හා බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිරියාවට එරෙහි පාබල හමුදා ක්‍රියාකාරකම් සිදු කිරීමේ අඛණ්ඩ තර්ජනයක නිරතවන බව Gengshuang මහතා පැවසීය. එමෙන්ම ඊශ්‍රායලය ද නිරන්තරයෙන් සිරියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටී. සිරියාව ස්වෛරී රාජ්‍යයකි. සිරියා රජයේ අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කරන හමුදා ක්‍රියාකාරකම් සිරියා ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීමක් බව Gengshuang මහතා අවධාරණය කළේය. අන්තර්ජාතික ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙසත් සංවාද මගින් අදාළ ප්‍රශ්න විසඳන ලෙසත් චීනය තුර්කිය හා ඊශ්‍රායලය ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම විදේශ හමුදාවන් සිරියාවේ නීති විරෝධීව රැඳී සිටීම නතර කළ යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම