ඇමරිකාවට එරෙහිව චීන හොංකොං අභියාචනය පිළිබද විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ලෝක වෙළෙඳ සංවිධානය විසින් නිකුත් කෙරේ
2022-12-22 16:57:26
Share with:

චීන හොංකොං ට එරෙහි ඇමරිකාවේ ආරවුල පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ වාර්තාව, ඊයේ(21) ලෝක වෙළෙඳ සංවිධානය විසින් නිකුත් කරන ලදී. සම්භවය සහිත රට සලකුණු කිරීමේ පියවර හේතු කොට ගෙන ඇමරිකාව මෙම ආරවුලට මුල පුරා තිබිණ.

මෙම වාර්තාව චීන හොංකොං හි අභියාචනයට සහාය දක්වන අතර, ඇමරිකාවේ නඩු පැවරීමේ අදාළ පියවර ලෝක වෙළෙඳ සංවිධානයේ නීති උල්ලංඝනය කරන බවට තීන්දු කර තිබේ.

මේ පිළිබඳ චීන වාණිජ අමාත්‍යංශය පෙන්වා දුන්නේ, ලෝක වෙළඳ සංවිධානයේ මෙම සාධාරණ තීන්දුව චීනය සාදරයෙන් පිළිගන්නා බවයි. ඇමරිකා පාර්ශ්වය මෙම තීන්දුවට ගරු කොට සිය වැරදි නිවැරදි කිරීමට ස්ථිර ක්‍රියාමාර්ග ගනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම