කඳුකර ගම්මානයේ සිට ජනප්‍රිය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති Tongban ගම්මානය
2022-12-22 14:16:56
Share with:

කඳුකර ගම්මානයක් වන Tongban ගම්මානය නිරිතදිග චීනයේ Guangxi Zhuang ස්වායත්තයේ පිහිටා තිබෙනවා. පසුගිය අනූව දශකයේ, ඒ ගම්මානයේ තරුණ තරුණියන් විශාල පිරිසක් උපන් ග‌මෙන් බැහැරව වෙනත් නගරවල රාජකාරි කරන්නට ගියා. පසුව මැදිවියේ පුද්ගලයන් 6දෙනෙක් පමණයි ඒ ගම්මානයේ ජීවත් වුණේ. ඉඩම් පවා රැක බලා ගැනීමට නොහැකිව අතහැර දැමුණා.

තමන්ගේ උපන් ගම එන්න එන්න ම පිරිහෙනවා දැකීමට අකමැති නිසා, වෙනත් නගරයක අවුරුදු 10ක් සේවය කර තිබෙන Longge, 2012 වසරේ පවුලේ සාමාජිකයන් එක්ක උපන් ගමට ආපසු ආවා. වන මිදි වගාව සහ උපන් ගමට සරිලන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් උර දී තිබෙනවා. ඔහුගේ දායකත්වය නිසා, ගම්වැසියන් හා වෙනත් නගර වල සේවය කරමින් සිටි ගම්වැසියන් ස්ව කැමැත්තෙන්ම Longge සමග ඒ කර්මාන්තයට එක් වුණා.

දිළිඳුකමෙන් මුදවාගැනීමේ වැඩපිළිවෙළ යටතේ, Tongban ගම්මානයේ මාර්ග, වාරිමාර්ග, පානීය ජල ව්‍යාපෘති, රථනැවතුම් ස්ථාන ඇතුළු යටිතල පහසුකම් මෙන් ම නේවාසික නවාතැන් 10කට වැඩි සංඛ්‍යාවක් ද ඉදි කර තිබෙනවා. වසන්තයේ මල් අලංකාර ව පිපිලා. ග්‍රීස්ම කාලයේ, සරුසාර පළතුරු අස්වනු උදා වනවා. සරත් ඍතුවේ සුන්දරත්වය හා ශීත ඍතුවේ විශේෂ ආහාර වලට සංචාරකයින්ගේ ආකර්ෂණය හිමිවී තිබෙනවා. කලින් මැදිවියේ පුද්ගලයින් 6ක් පමණක් සිටි Tongban ගම්මානය සංචාරක ආදර්ශ ගම්මානයක් බවට පත්වී තිබීම විශේෂත්වයක්.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම