සුබ ලකුණු පහළ වෙමින් ඇති චීන -ඔස්ට්‍රේලියා සබඳතාව
2022-12-22 20:12:56
Share with:

මෑතදී චීනය හා ඕස්ට්‍රේලියාව අතර පවතින සම්බන්ධතා තුළ සුබවාදී ලකුණක් පහළ වී ඇත. පසුගිය මස චීන ජනාධිපතිවරයා සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දුනීසියාවේ බාලි දූපතේ හමු වූහ. ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටී. ඊයේ(21) දෙරටේ විදේශ අමාත්‍යවරුන් බෙයිජිංහිදී සංවාදයක් පවත්වමින් ද්විපාර්ශ්වික සම්බන්ධතා යහපත් කිරීම පිළිබඳව එකඟතා රැසකට එළඹ ඇත. ඒ අතර චීන හා ඕස්ට්‍රේලියානු නායකයන් ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගෙන තිබේ. ද්විපාර්ශ්වික සම්බන්ධතා වඩාත් ඉදිරියට ගෙන යාමට එහිදී දෙපාර්ශ්වය එකඟ වී ඇත.

ආසියා-පැසිෆික් කලාපයේ ප්‍රධාන රටවල් වශයෙන් චීනය හා ඕස්ට්‍රේලියාව අතර දිගු කාලයක් තුළ පැවතුණේ යහපත් සබඳතාවකි. එහෙත් ගෙවී ගිය වසර කිහිපයේ ඇමරිකාව අනුගමනය කරමින් ඕස්ට්‍රේලියාව චීනයට එරෙහිව කටයුතු කර ඇති බැවින් ද්විපාර්ශ්වික සම්බන්ධතා ගැටළු සහගත තත්ත්වයකට පත් ව තිබේ. පසුගිය මැයි මාසයේ ඕස්ට්‍රේලියාවේ නව රජය බලයට පැමිණීමෙන් පසු චීනය කෙරේ දක්වන ආකල්පයේ වෙනසක් දක්නට ඇත.

චීනය හා ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික වෛරයක් නොමැත. දෙරට අතර මූලික ගැටුම් ද නොමැත. අන්‍යෝන්‍ය ගෞරවය, වෙනස්කම් තුළින් සමාන තැන් සොයා ගැනීම, අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණය යන මූලධර්මයන් පදනම් කර ගතහොත් ද්විපාර්ශ්වික සබඳතා යහපත් අන්දමින් පවත්වාගෙන යාම අසීරු කාර්යයක් නොවේ. චීන-ඕස්ට්‍රේලියානු සම්බන්ධතා වඩාත් නිවැරදි දිශාවකට ගෙන යාමට චීනයේ පමණක් නොව ඕස්ට්‍රේලියාවේ අවංක කැපවීම් අවශ්‍ය වන බව අමුතුවෙන් කිව යුතු නැත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම