චීන-ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරුන් අතර සංවාදයක්
2022-12-22 11:21:22
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනි පෙනි වොන්ග් මහත්මිය අතර සංවාදයක් පැවැත්වෙයි. 

එම හය වන චීන ඔස්ට්‍රේලියා විදේශ සහ උපාය මාර්ගික සංවාදය ඊයේ(21) බෙයිජිං හිදී පැවැත්විණ. 

පෙනී වොන් මහත්මියගේ මෙම චීන සංචාරය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරයට සමගාමීව සිදුකෙරෙන බව වං යී මහතා පැවසීය.

ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට නව ඔස්ට්‍රේලියානු රජය දක්වන කැමැත්ත චීනය අගය කරන අතර, දෙපාර්ශ්වයම දෙරටේ නායකයින් එළඹුණු වැදගත් එකඟතා මනා ලෙස ක්‍රියාත්මක කළ යුතු බව චීන විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.  

ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනි පෙනී වොන්ග් මහත්මිය කියා සිටියේ සංවර්ධනාත්මක හා ස්ථාවර ඔස්ට්‍රේලියා චීන සම්බන්ධතාව දෙරටටත් කලාපයටත් හිතකර වන බවයි. එකම චීනය මූලධර්මයෙහි නියැලී සිටින නව රජය දෙරට අතර අසමානතා පුළුල් කිරීමට වඩා ඒවා නිසි ලෙස කළමණාකරණය කිරීමට කටයුතු කරයි. ඔස්ට්‍රේලියා චීන විස්තීර්ණ උපාය මාර්ගික හවුල්කාරීත්වයේ රාමුව  යටතේ විවිධ ක්ෂේත්‍රවල සන්නිවේදනය සහ හුවමාරුව සාධනීය ලෙස සංවර්ධනය කිරීමට නව රජය දායක වීමට කැමති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම