මියන්මාර ප්‍රශ්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ මැදිහත්වීම වඩා සුපරීක්ෂාකාරී විය යුතු බව චීනය පවසයි
2022-12-22 15:23:05
Share with:

මියන්මාර ප්‍රශ්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා පවසයි.හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ආරක්ෂක මණ්ඩලයේ දී මියන්මාර ප්‍රශ්නය පිළිබඳ යෝජනාවකට ඡන්ද දීමෙන් අතතුරුවයි.

මියන්මාර ප්‍රශ්නය විසඳීමට කඩිනම් සහ බාහිර ක්‍රමයන් නොමැති බව හෙතෙම පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයට සහ ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට කාලය සහ ප්‍රායෝගිකත්වය අවශ්‍ය වනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාව මියන්මාරයේ ස්වෛරීත්වය, දේශපාලන ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ එකමුතුකමට ගරු කිරීමේ පදනම මත, මියන්මාරයේ විවිධ පාර්ශ්වයන් අතර තාර්කික සංවාදය පැවැත්වීමටත් මතභේද අවම කිරීමටත් ඵලදායී කාර්යභාරය ඉටු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

අඛණ්ඩව ආරක්ෂක මණ්ඩලය හරහා එරට පීඩනයට ලක් කිරීම පමණක් සිදු කළහොත්, ගැටළු සහ අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇත. ආරක්ෂක මණ්ඩලය ලිබියාවේ ප්‍රශ්නය විසඳු ආකාරයෙන් එය අවබෝධ කර ගත හැකි බව Zhang Jun මහතා අවධාරණය කළේය. 


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම