ජනපති උපදෙසින් ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්
2022-12-22 14:28:05
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්  පිහිටුවීමට තීරණය කෙරේ.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩු පාඩු මඟ හරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම ද ඉන්   සිදු කෙරෙනු  ඇත.

භාවිතයට නොගෙන සැඟව ඇති වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි විභවතා ආර්ථික පුනර්ජීවනය සඳහා යොදා ගැනීම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටනෙහි මූලික අංගයකි. ඒ අනුව, පළමුව දකුණු ආසියාව සමඟ සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමඟ සම්බන්ධ වීමට අපේක්ෂා කෙරේ.

අවසානයේදී ලෝක ආර්ථිකයෙන්, වෙළෙඳාමෙන් හා ජනගහනයෙන් 30%ක හිමිකාරීත්වය දරන “කලාපීය “විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය සමග සම්බන්ධ වීම ශ්‍රී ලංකාවේ අරමුණ වී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම