විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජයේ අවධානය
2022-12-21 13:04:31
Share with:

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් මෙරටට විදෙස් ආයෝජන ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව වෙයි.

පුනර්ජනනීය බලශක්ති සියයට 70ක ඉලක්කයක් ළඟා කර ගැනීමට විදෙස් ආයෝජන ලබා ගැනීමට එමඟින් අපේක්ෂිතය. වසර 2050 වනවිට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සහ කාබන් විමෝචන බලපත්‍ර වෙනුවෙන් වූ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා යෑම යන අනෙකුත් ඉලක්කයන් අතර වේ.

මේ පිළිබද සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

ඉන්දීයාව හා චීනය වැනි රටවල් එහි ප්‍රබල වාසි රැසක් හිමි කර ගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ද එම වාසි අත්කර ගත හැකි බව සෝල්හයිම් මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම