චීන ඔස්ට්‍රේලියා සබඳතා වර්ධනය වෙයි
2022-12-21 19:56:23
Share with:

චීන-ඕස්ට්‍රේලියා සබඳතාවල යහපත් සහ ස්ථාවර වර්ධනය දෙරටේ මූලික අවශ්‍යතා ඉටු කරගැනීමට හේතුවක් බව චීනය පවසයි

චීනය සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර අදට වසර 50ක් සපිරේ. චීන ජනපති ෂී ජීන් පීං මහතා අද (21) ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාර පීටර් හර්ලි සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese යන මහත්වරුන් සමඟ සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගත් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය අද (21)පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසුවාය. අගමැති Li Keqiang මහතා සහ ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා අතර ද සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගැණින.

චීනය සහ ඔස්ට්‍රේලියාව ආසියා පැසිෆික් කලාපයේ වැදගත් රටවල් වේ. චීන ඔස්ට්‍රේලියා සබඳතාවල ශක්තිමත් සහ ස්ථාවර වර්ධනය දෙරටේ මූලික අවශ්‍යතාවලට අනුකූල වන අතර ආසියා-පැසිෆික් කලාපයේ සහ  ලෝකයේ සාමයට, ස්ථාවරත්වයට සහ සෞභාග්‍යයට මඟ පාදන බව ෂී ජීන් පීං ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වං යී මහතා අද පස්වරුවේ සංචාරයක් සඳහා පැමිණ සිටින ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය සමඟ ද සාකච්ඡා පැවැත්වීය.චීන-ඕස්ට්‍රේලියා රාජ්‍යතාන්ත්‍රික සහ උපායමාර්ගික සංවාදයේ නව වටයක් ආරම්භ‍යට මෙම සාකච්ඡා ඉවහල් වූ බව ද මාඕ නිං මහත්මිය හෙළි කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම