ඇෆ්ගනිස්ථානයට වැඩි සහයෝගයක් ලබා දෙන ලෙසට චීනයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ඉල්ලීමක්
2022-12-21 11:08:32
Share with:

ඇෆ්ගනිස්ථානයට වැඩි සහයෝගයක් ලබා දෙන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ඊයේ(20) පැවති ඇෆ්ගනිස්ථානය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමකදී මේ බව පැවසීය.

ඇෆ්ගනිස්තානය යළි ගොඩනැගීමේ තීරණාත්මක අවධියකට පිවිස ඇති අතර සාමකාමී සංවර්ධනය දිගුකාලීන හා වැදගත් කාර්යභාරයකි. ජගත් ප්‍රජාව ඇෆ්ගනිස්ථාන ජනතාව අමතක නොකළ යුතු අතර ඔවුන්ට අනුබල හා සහාය වැඩියෙන් ලබා දිය යුතු බව Zhang Jun මහතා එහිදී සඳහන් කළේය.

ඇෆ්ගනිස්ථානයේ සාමකාමී ක්‍රියාදාමයට සහාය දීම සඳහා  අසල්වැසි රටවල් දීර්ඝ කාලීනව විශාල උත්සාහයක් දරමින් සිටින බව Zhang Jun මහතා කියා සිටියේය. ඇෆ්ගනිස්ථානයේ සාමකාමී ප්‍රතිසංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැදගත් කාර්යභාරයට චීනය සහාය දක්වන අතර ඇෆ්ගනිස්ථානයේ සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම