චීන සාම්ප්‍රදායික ඖෂධ සතු ප්‍රතිශක්තිකරණ වර්ධන හැකියාව කොරොනා ප්‍රතිකර්මයන්‌ට යෝග්‍යයි
2022-12-21 16:53:52
Share with:

බටහිර වෛද්‍ය ක්‍රමය බිහිවීමට වසර  දහස් ගණනකට පෙර ඈත අතීතයේ දී සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයන් බිහිව තිබේ. විශේෂයෙන් ආසියාව කේන්ද්‍රගතව වර්ධනය වූ මෙම පැරණි වෛද්‍ය ක්‍රමයන් අදටත් නොනැසී පවතී. අතුරු ආබාධයන් ඉතා අවම සොබාදහම හා ඉතා සමීප මෙම සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම නුතන තාක්ෂණයන් ගේ ද පෝෂණයවී වර්තමානයේ වඩාත් ප්‍රචලිත වෙමින් පවතී. මෙම සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම අතරින් ලොව පුරා පුළුල් ලෙස පැතිර ඇති වෛද්‍ය ක්‍රමයක් ලෙසට චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය හැඳින්විය හැකි බව දේශීය පාරම්පරික වෛද්‍ය ගංගා නාඔටුන්න මහත්මිය පවසයි. චීන සාම්ප්‍රදායික ඖෂධ, චීන කටු චිකිත්සාව ඇතුළු වෛද්‍යංග රැසක් ඊට අන්තර්ගතය. විශේෂයෙන් චීන සාම්ප්‍රදායික ඖෂධ සතු ප්‍රතිශක්තිකරණ වර්ධන හැකියාව විද්‍යාත්මකව මෙන්ම ප්‍රායෝගිකව ද සනාථ වී ඇත. චීනයේ කොරොනා වසංගත පාලනයේ දී මෙම චීන සාම්ප්‍රදායික ඖෂධ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබේ. කොරොනා රෝග ලක්ෂණ පාලනයට මෙන්ම රෝගයෙන් පසු ශරීර සුවතා වර්ධනයට එම ඖෂධ මගින් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව චීන දත්ත මගින් පෙන්නුම් කෙරෙන බව ගංගා නාඔටුන්න මහත්මිය කියා සිටී. කොරොනා රෝගයේ කල් පවතින රෝග ලක්ෂණ පාලනයට මෙම චීන සාම්ප්‍රදායික ඖෂධවලට යම් හැකියාවන් පැවතිය හැකි යැයි ද ඇය කියා සිටී. මෙහි ඇති වැදගත් කරුණ නම් එවැනි දිගු කාලීන රෝග ලක්ෂණ පාලනයට බටහිර ඖෂධ ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ අවදානම් පැවතියද සොබාදහමේ සාරයන් ගෙන් නිමවා ඇති මෙවැනි සාම්ප්‍රදායික ඖෂධ මගින් එවැනි අවදානම් ඉතා අවම මට්ටමක පැවතීම යැයි ද ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම