චීන ජර්මානු සබඳතා තවදුරටත් වර්ධනයට දෙරටේ නායකයන් ගේ අවධානය
2022-12-21 09:27:04
Share with:

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier මහතා සමග දුරකථන සංවාදයක නිරත වේ.

චීන ජර්මානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 50වන සංවත්සරය මෙ‍ම වසරේ දී සනිටුහන් වන බවත් එය දෙරටේ සම්බන්ධතාවට ඉමහත් වැදගත්කමක් හිමි වසරක් බවත් ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. චීන ජර්මානු නායකයින් පරපුර කිහිපයක පොදු උත්සාහයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතාව නිසි දිශානතියක් කරා ඉදිරියට යමින් පවතින අතර එය අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් ලෙසට නංවා ඇත. ජර්මනිය සමග එක්ව ද්විපාර්ශ්වික සබඳතාව නව තලයකට වර්ධනය කරමින් චීන ජර්මානු සම්බන්ධතාවේ තවත් සාර්ථක දශක පහක් නිර්මාණය කිරීමට චීනය කැමති බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. පාශ්චාත් වසංගත යුගයේ දුර්වල ආර්ථික පුනරුත්ථාපනය, දේශගුණික විපර්යාසය, ආහාර අර්බුදය, බලශක්ති අර්බුදය ඇතුළු ගෝලීය අභියෝගයන්ට මුහුණදීමේදී, වඩාත් පුළුල් හා ගැඹුරු සහයෝගතා පැවැත්වීමට අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කර ඇත.

ගෙවී ගිය වසර පනහ තුළ ජර්මානු චීන සම්බන්ධතාව දිනෙන් දින සමීප වී එහි අන්තර්ගතය ද පෝෂණය වී තිබෙන බව ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier මහතා එහිදී පැවසීය. දෙරට අතර පවත්නා සහයෝගතාවන්හී ප්‍රතිඵල මගින් දෙරටේ ජනතාවට සුබ සෙත ලබා දී තිබේ. ජර්මනිය එකම චීනය මූලධර්මයෙහි නියැළී සිටියි. ඉතිහාසය සම්පිණ්ඩනය කරමින් අනාගතය මනාව සැලසුම් කර අන්‍යෝන්‍ය ගරුත්වය හා සහයෝගතා පිළිබඳ ජීවගුණයට අනුකූලව දෙරටේ සම්බන්ධතාව නව වර්ධනයක් ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමෙහි ජර්මනිය නිරත වන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම