චීන ජනාධිපති එක්සත් රුසියානු පක්ෂයේ සභාපති හමු වෙයි
2022-12-21 17:05:36
Share with:

අද (21)චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ජනාධිපති ෂී ජීන් පීං මහතා බෙයිජිංහි දී එක්සත් රුසියානු පක්ෂයේ සභාපති Dmitry Medvedev මහතා හමු විය.

නව යුගයේ චීන-රුසියානු විස්තීර්ණ උපාය මාර්ගික හවුල්කාරිත්වය සම්බන්ධීකරණය වර්ධනය කිරීම දෙපාර්ශ්වයේම තම ජාතික තත්ත්වයන් මත පදනම්ව කරන ලද දිගුකාලීන උපායමාර්ගික තේරීමක් බව ෂී ජීන් පීං මහතා එහිදී පෙන්වා දුන්නේය. නව යුගයේ චීන-රුසියා සබඳතා ඉදිරියට ගෙන යාමෙන් ගෝලීය පාලනය වඩාත් සාධාරණ හා යුක්ති සහගතව ඉදිරියට වර්ධනය කිරීමට රුසියාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් වන බව ද ෂී ජීන් පීං මහතා  පැවසීය.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, අදාළ පාර්ශ්වයන් තාර්කික සංයමයකින් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද, පුළුල් සංවාදයක් පවත්වා දේශපාලන මාධ්‍යයන් හරහා පොදු ආරක්‍ෂාව  පිළිබඳ ගැටළු විසදා ගතයුතුයැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රුසියානු ජනාධිපති පුටින්ගේ මහතාගේ අත්සනින් යුත් ලිපියක් Dmitry Medvedev මහතා ෂී ජීන් පීං ජනාධිපතිවරයාට භාර දුන්නේය. රුසියානු-චීන සම්බන්ධීකරණයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ වර්ධනය ඉදිරියට ගෙන යාමට එක්සත් රුසියානු පක්ෂය කැමැත්තෙන් සිටින බව එහි සභාපතිවරයා පැවසීය.

දෙපාර්ශවය පොදු උනන්දුවක් දක්වන අනෙකුත් ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම