එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව ගිවිසුම ක්‍රියාත්මක කිරීමට චීනයෙන් පහසුකම්
2022-12-21 15:17:58
Share with:

COP15 හි සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව ගිවිසුම ක්‍රියාත්මක කිරීමට, චීනය පහසුකම් සපයනු ඇති බව, එහි සභාපති සහ චීනයේ ජෛව හා පරිසර අමාත්‍ය Huang Runqiu මහතා පවසයි.

ජෛව විවිධත්වය අහිමි වීම ආපසු හැරවීම අරමුණු කර ගනිමින් කැනඩාවේ මොන්ට්‍රියල් හිදී මෙම සාකච්ඡාව සති දෙකකට ආසන්න කාලයක් පැවැත්විණ. රාමුව තුළ ඉලක්ක සහ ඒවා ක්‍රියාවට නැංවීම සඳහා චීනය ක්‍රියාකාරීව මග පෙන්වනු ඇති අතර, අදාළ තීරණ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහතික කරනු ඇතැයි ඊයේ(20) මාධ්‍ය හමුවක් අමතමින් Huang මහතා පැවසීය.

ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස චීනය, රාමුව තුළ සිය යුතුකම් හා බැඳීම්වලට ගරු කරනු ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ ගෝලීය පරිසර පහසුකම් අරමුදල් යාන්ත්‍රණයට චීනය විශාලතම දායකත්වය සපයන්නා වේ. අරමුදල් පමණක් නොව චීනය සිය ධාරිතාවය තුළ තාක්ෂණික සහාය සහ පුහුණුව ද සංවර්ධනය වෙමින් පවතින රටවලට අඛණ්ඩව ලබා දෙන බව හුවාං මහතා එහිදී පැවසීය.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම