තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවතට
2022-12-21 13:01:19
Share with:

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ආනයන සීමා ලිහිල් කළ තුන් වැනි අවස්ථාව මෙයයි. සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, ආවේෂන කැමරා පද්ධති (CCTV) සඳහා අවශ්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි (MDF) සහ ක්‍රීඩා උපකරණ ඊට අයත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටී. 

රට මුහුණ දී ඇති විනිමය ගැටලුවට විසඳුම් ලෙස භාණ්ඩ 1465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර, එමගින් ඩොලර්  මිලියන 1211ක් ඉතිරි කර ගැනීමට රජයට හැකි වී තිබේ. මේ වන විට භාණ්ඩ 795ක ආනයන සීමා ලිහිල් කර ඇත. මේ පිළිබඳව විධිමත් පසු විපරමක් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම