චීනය සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරයට චීන ජනාධිපති හා ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් අතර අන්‍යෝන්‍ය සුභ පැතුම්
2022-12-21 16:24:56
Share with:

චීනය සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත වී වසර 50ක් සපිරෙයි. ඒ වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(21) ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් David John Hurley මහතා හා එරට අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා සමඟ සුභ පැතුම් පණිවුඩ හුවමාරු කර ගත්හ. 

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන-ඔස්ට්‍රේලියා සබඳතා සංවර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බවයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඔස්ට්‍රේලියාව සමඟ, අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණය යන මූලධර්ම අනුව, චීන-ඕස්ට්‍රේලියා පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

ඕස්ට්‍රේලියානු නායකයින් පෙන්වා දුන්නේ, ස්ථාවර ඕස්ට්‍රේලියා-චීන සබඳතාවයක් දෙරටේම අවශ්‍යතාවන්ට ගැලපෙන බවයි. අන්‍යෝන්‍ය ගෞරවය හා අන්‍යෝන්‍ය ජයග්‍රහණය මත පදනම්ව, දෙරට අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තව දුරටත් සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීමට, ඕස්ට්‍රේලියාව කැමැත්තෙන් සිටින බව, ඕස්ට්‍රේලියානු නායකයින් පැවසූහ.

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා ද අද  සුභ පැතුම් පණිවුඩ අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම