ඉරාන න්‍යෂ්ටික ගිවිසුම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමට ඉරාන‌යේ සූදානමක්
2022-12-21 14:25:09
Share with:

ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ, මාස ගණනක සාකච්ඡාවලින් පසුව, සකස් කරන ලද ,අවසන් කෙ‌ටුම්පත සැලකිල්ලට ගනිමින් ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා අවසන් කිරීමට සූදානම් බවයි.

ඉරාන විදේශ අමාත්‍ය  Hossein Amir-Abdollahian මහතා යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී Josep Borrell මහතා සමඟ, ජෝර්දානයේ අගනුවර වන අම්මාන්හි පැවති කලාපීය සම්මන්ත්‍රණයක දී සාකච්ඡා කිරීමෙන් අනතුරුව, මෙම ප්‍රකාශය කළ බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ වාර්තා වේ.

මෙහි දී සෑම විටම"සංකෝචන සහ යථාර්ථවාදී ප්‍රවේශයක්" අනුගමනය කරන ලෙසත් මෙම ප්‍රශ්නය දේශපාලනීකරණය කර නොගන්නා ලෙසත් ,Hossein Amir-Abdollahian  මහතා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

න්‍යෂ්ටික ගිවිසුමේ පුනර්ජීවනය සහ ඊට අදාළ සාකච්ඡා න්‍යාය පත්‍රයේ ඇති අනෙකුත් ගැටළුවලින් වෙන්ව පවත්වා ගැනීමට Josep Borrell මහතා මෙහි දී එකඟවී ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම