Kunming-Montreal ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ රාමුව ඓතිහාසික ගිවිසුමක්
2022-12-21 11:03:06
Share with:

COP-15 ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී Kunming-Montreal ගෝලීය ජෛව විවිධත්වය පිළිබඳ රාමුව සම්මත කෙරේ. මෙය සිදුකෙරුණේ පසුගිය 19 වැනිදා යි.

වසර 4 ක ජාත්‍යන්තර ප්‍රජාවගේ සාකච්ඡා තුළින් බිහිවන එය ඓතිහාසික ගිවිසුමකි. එහි අරමුණු 23 ක් ඇතුළත් වෙයි. වසර 2030 වනවිට ලෝකයේ ගොඩබිම්, අභ්‍යන්තර ජලය සහ සාගරවලින් අවම වශයෙන් 30% ක් ආරක්ෂා කිරීම ඉන් සුවි‌ශේෂ වේ. මේ දක්වා, ලෝකයේ ආරක්ෂාවට ලක්ව ඇති ගොඩබිම් හා සාගර අනුපාතයන් පිළිවෙළින් 17% හා 8% කි.

වසර 2030 දක්වා ජෛව විවිධත්ව උපායමාර්ග සහ ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා, අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 200ක වාර්ෂික අයවැයක් වෙන් කිරීමට එම රාමුව යෝජනා කරයි.  එහිදී, සංවර්ධිත රටවල් 2025 වසර දක්වා,අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 20 ක් සහ 2030 දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 30 ක් සංවර්ධනය වෙමින් පවතින රටවලට වාර්ෂිකව සැපයිය යුතුය. එම පොරොන්දුව ඉටුකරන්නේ නම්, අරමුදල් පරතරය ඵලදායී ලෙස පියවිය හැකි අතර, ගෝලීය ජෛව විවිධත්ව සංරක්ෂණයට ශක්තිමත් පදනමක් ද සැකසෙනු  ඇත.

මීට අමතරව, 2030 වසර වනවිට ගෝලීය ආහාර අප‍තේ යාම අඩකින් අඩු කිරීම, බාහිර ව හඳුන්වාදෙනු ලබන ආක්‍රමණශීලී ශාක හෝ සත්ත්ව විශේෂ අඩකින් අඩු කිරීම සහ ඉතා හානිකර රසායනික ද්‍රව්‍ය භාවිතය අඩකින් අඩු කිරීම ද එම රාමුවේ අරමුණු 23 ට ඇතුළත් වේ.  එම අරමුණු ජෛව විවිධත්ව සංරක්ෂණයේ වත්මන් දුෂ්කරතා සෘජුවම ආමන්ත්‍රණය කරයි.  ඒ අතරම, ජාන සම්පත්වල ඩිජිටල් අනුක්‍රමික තොරතුරු පිළිබඳ තීරණය ඇතුළු ලේඛන මාලාවක් ද COP15 සමුළු‌වේ දී සම්මත කෙරිණ. ජෛව විවිධත්වය ප්‍රකෘතිමත් මාවතකට රැගෙන යාමට, එම ලේඛන ජාත්‍යන්තර ප්‍රජාවට මගපෙන්වනු ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම